නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එම්. නාගසිංහ මිය
ශ්‍රී සුදර්ශන අප විද්‍යාලයේ ඉතා දක්ෂ සිසුන් බිහිකල කීර්තිමත් පාසලකි. අප පාසල තුල ඉගෙනුම ලබන දරුවන්ගේ ඉගෙනුම් කටයුතු, විනය, කුසලතා වැනි සියලුම පැතිකඩ සංවර්ධනයට විද්‍යාලීය කළමනාකරණය හා කාර්යමණ්ඩලය ඉතා ඉහල දායකත්වයක් දක්වයි. මෙතෙක් අප විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති මෙම පාසල් නිල වෙබ් අඩවිය නිර්මාණය කිරීම ඉතා මහඟු කර්තව්‍යයක් ලෙස සලකමි. මෙමගින් අප පාසල සමඟ ඕනෑම අයෙකුට සම්බන්ද වීමට ඉඩකඩ සැලසේ. එමෙන්ම අප විද්‍යාලයේ සිසුන්ගේ දස්කම් මෙහි ප්‍රදර්ශනයට හැකියාව ලැබේ. එබැවින් අපට මෙම වෙබ් අඩවිය බොහෝ සෙයින් ප්‍රොයෝජනවත් සම්පතකි. මෙම වෙබ් අඩවිය නිර්මාණය සඳහා සහයෝගය ලබාදුන් සියලුම පාර්ශවයන් වෙත මාගේ ස්තූතිය පුදකරන අතර මෙහි කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට සිදු කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරමි...!
එම්. නාගසිංහ මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/පිළි/ ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලය .






