බප/පිළි/ ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලය

පිළියන්දල

පාසල් පොල

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

බප/පිළි/ ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන් විසින් පිළිපැදිය යුතු විනය නීති මාලාව.

  • දිනපතා උදෑසන 7.25 වන විට දරුවන් පාසලට ඇතුලත් කල යුතුය.
  • විදුහල්පතිතුමියගේ ලිඛිත අවසරයක් නොමැතිව දෙමාපියන් හෝ භාරකරුවන් පාසල් භූමියේ රැදී සිටීම සපුරා තහනම් වේ.
  • කිසිම හේතුවක් මත ජංගම දුරකථන හෝ ඒවාට සම්බන්ධ වෙනත් උපාංග පාසලට රැගෙන ඒම තහනම් කර ඇත.එසේම ඒවා ශිෂ්‍ය, ශිෂ්‍යාවන් ලග තිබී හමු උවහොත් එම උපාංග එම මොහොතේම නැවත ප්‍රයෝජනයට ගත නොහැකි සේ. විකෘති කරනු ඇත.
  • අත්‍යවශ්‍ය කරුණු සඳහා විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය හමුවීමට අවශ්‍ය නම් මුරකරුගේ අවසරය මත මුරකුටියෙහි ඇති පොතෙහි විස්තර සටහන් කොට ජාතික හැඳුනුම්පත එහි රඳවා පැමිණිය යුතුය.
  • තම දරුවන් දිනපතා පාසලට එවිය යුතු අතර නිතර නිතර ඔවුන්ගේ අධ්‍යාපන හා භාහිර කටයුතු පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතුය.
  • අස්වීම් සහතික, චරිත සහතික, විභාග ප්‍රතිඵල ආදිය ලබාගැනීමට බදාදා 12.30 පසු පමණක් පැමිනිය යුතුය.
  • මත්ද්‍රව්‍ය හෝ ඊට අදාල (දියර,පෙති,ටොෆි,ජෙල් වර්ග,කේශ වර්ණාලේප, ක්‍රීම් වර්ග, මුලත්විට,ගම් වර්ග) ආදිය රැගෙන ඒම සපුරා තහනම් ය. ඒවා හමු වුවහොත් රජයේ නීතිය සම්බන්ධ ආයතන වලට අදාල දරුවන් යොමු කිරීමට සිදුවනවා ඇත.
  • පිරිමි ළමුන් තම හිස කෙස් කොටට කපා දකුණු පසින් බෙදා හිස පීරා පැමිණිය යුතුයි. අනවශ්‍ය විලාසිතා හා වර්ණ ගැවුනු හිසකෙස්, විලාසිතාවන්ට අනුව සකසන ලද ඇහි බැම සහිත දරුවන් මින් පසු පාසලට ඇතුලත් කර ගනු නොලැබේ.
  • දෙමාපියන් පාසලට පැමිණීමේදී ලමයාගේ ගෞරවය ආරක්ෂා වන පරිදි දිග ඇඳුම් වලින් සැරසී පැමිණිය යුතුය.
  • සියලු දරුවන්ගේ ආරක්ෂාව සඳහා දිනපතා දොරටුව අසලදී දරුවන්ගේ බෑග් අදිය පරීක්ෂා කරනු ලැබේ.
  • ජැකට්, හෙල්මට් අදිය මුරකුටිය තුල තබා පැමිණිය යුතුය.
  • අමතර පන්ති පැවැත්වෙන ඕනෑම වෙලාවක ගුරුබවතා සමඟ දෙමාපියන් දෙදෙනෙක් පාසලේ රැඳී සිටීම අනිවාර්ය වේ.
  • ඕනෑම දරුවෙකු පාසල් වේලාව තුළ ගුරුභවතගේ අධීක්ෂණයට ලක් විය හැකිය.
  •