බප/පිළි/ ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලය

පිළියන්දල

පාසලේ ඉතිහාසය

පාසල් පොල

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

මාකන්දන ග්‍රාමයේ බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා කැස්බෑව නගරයට 700m ක් පමණ දුරින් වූ සුන්දර බූමි බාගයක අප පාසල පිහිටා ඇත.

කේ.ඩී.මර්තේලිස් මහතා ස්වකීය  ඉඩමෙහි තම ධන පරිත්‍යාගයෙන් හා ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඇතිව සෑදු  ගොඩනැගිල්ල 1956.10.08 දින පෙ.ව.8.16ට යෙදුනු සුබ මොහොතේ අකුරු කියවා දිනපතා පාසලක්  ලෙස අරඹා ඇත.1957.01.01 දින එස්.ඒ.පෙරේරා මහතා ප්‍රථම විදුහල්පති වශයෙන් පත් වී ඇත.                    

පළමු දින ඇතුළත් වූ  ශිෂ්‍ය සංඛ්‍යාව  12කි.පාසල අරඹා වසරක් ගෙවී යද්දී ශිෂ්‍ය සංඛ්‍යාව 96 ක් ගුරු මණ්ඩලය 5 ක් දක්වා වර්ධනය වී ඇත.
 
1962.08.06 වන දින මෙම පාසල රජයට පවරා ගෙන ඇත.1963 දී සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයට මුහුණලා ඇති අක්කර 1 ක පමණ බූමි බාගයක් ලබාදුන් අතර එහි ගොඩනැගිල්ලක්  ඉදි කර 1964.11.11 දින වර්ථමාන පාසල් බූමිය ගෙන එන ලදි. එවකට 5 ශේණිය දක්වා පන්ති පැවැත්වුනි.පාසලෙ ශිෂ්‍ය සංඛ්‍යාව 216 ක් දක්වා වර්ධනය වී තිබුණි.

1990.11.19 දින පාසල මහා වවිදුහලක් බවට පත් කෙරිණි.පාසලෙ ශිෂ්‍ය සංඛ්‍යාව 700 දෙනකු හා ගුරු බවතුන් 30 ද සේවය  නිරත ව සිට ඇත.

වර්ථමාන සිසුන් 1083 ක් ද අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය 55 වේ.1-11 සමාන්තර පන්ති තුනක් ක්‍රියාත්මක වන පාසලක් ලෙස පෙන්වා දිය හැකිය.

ආරම්භ කළ වර්ෂය

1956.10.08 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

12 

මුල් ගුරුතුමාගේ නම

බී.ඒ.පෙරේරා මහතා

පාසලේ ආදි කතෘගේ නම

කේ.ඩී.මර්තේලිස් මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බප/පිලි/ශ්‍රී සුදර්ශන ආදර්ශ පාසල 

පාසල භාරව කටයුතු කිරීම

බී.ඒ.පෙරේරා මහතා

පාසල රජයට පවරාගත් දිනය

1962.08.06 

පාසල පැවැත්වූ ස්ථානය

සුදර්ශන මාවතේ ගොඩනැගිල්ලක